Followers

Thursday, August 8, 2013

ඉතිං දැන් නුඹ යන්න සෙනෙවිය..

ඉතිං දැන් නුඹ යන්න සෙනෙවිය..
මෙතැන් සිට මා තනිව යායුතු වේ..
ගොසින් මා කී ලෙසට පවසා..
සියල්ලන් සනසන්න මාළිගයේ......

නදී තෙර වෙත පැමිණෙනා ගමනේ..
නිහඬ හිමිවත සැකය මට දැනුනේ..
ගොසින් මොනවා කියන්නද මා..
හැරී එනුමැන සිදුහතුනි නොරැදී..

මිදී යදමින් කෙළෙස් පිරි දහසක්..
බිඳී හදවත් නැතේ පිළිසරණක්
සොයා ගන්නෙමි මිදෙන මඟ දුක..
නැවත එන්නෙමි සියල් සත වෙනුවෙන්...
හඬා වැළපී නොයිද පිටවෙනු දැන්...

ඔබා දණ නේරංජනා වැලිතලයේ..
මුදා හැර සෝ සුසුම් වාතලයේ..
ඉතිං සමුගමි සිදුහතුනි මම..
තවත් නොරැඳී වහා පිටවන්නම්..
මඟ දිගට මම හඬා වැළපෙන්නම්...

..තරංගනී..08,08,2013...10:18 පී එම්