නින්ද නැති රැයේ..වින්ද දුක ප්‍රියේ..
කතා නැතිව විඳගෙන හිටියා
චන්ද්‍ර යාමයේ හීන අරන් නුඹ
මගේ දෙනෙත් මත හිනැහෙනවා
පිපුන සෙනෙහසේ සුවඳ අරන් එන
සුළඟ දිගේ සුසුමක් එනවා
සිහිනය දුකනම්..රෑ කල දිගුනම්
රාත්‍රියම කඳුළක් වෙනවා
හිත යට ගුලිවී රඟදෙන හැඟුමන්
සියක් දහක් වර සසැලෙනවා
නුඹෙන් දුරස් වී ගියත් ප්‍රියේ මම
සිතින් දහස්වර මියැදෙනවා..
තරංගනී

No comments:
Post a Comment