සිහින දහසක් දැකි රැයක දුටු
ඉමිහිරිම සිහිනේ....
සිඟිති හුරතල් හීන කුමරෙක්..
නිදයි මගෙ තුරුළේ...
සැබෑ නොවෙනා සැබෑවන හීනයන් දුටු දෙනෙතේ..
බොඳවෙලා ගිය උතුම් සිහිනය නුඹයි සිඟිති පුතේ...
අළුත් මවකට පෙනෙන සුරලොව
දකින්නට ආසයි...
එහෙත් පින්මද කමක අරුමය
මගේ හද පාරයි...
විඳිමි දඬුවම් රෑ දිවාකල
නින්ද නැති යහනේ
බිඳුනු පැතුමන් යටම ගුලිවුනි
මිහිරි කිරි සිහිනේ....
..තරංගනී..10,08,2013 11:0
ඉමිහිරිම සිහිනේ....
සිඟිති හුරතල් හීන කුමරෙක්..
නිදයි මගෙ තුරුළේ...
සැබෑ නොවෙනා සැබෑවන හීනයන් දුටු දෙනෙතේ..
බොඳවෙලා ගිය උතුම් සිහිනය නුඹයි සිඟිති පුතේ...
අළුත් මවකට පෙනෙන සුරලොව
දකින්නට ආසයි...
එහෙත් පින්මද කමක අරුමය
මගේ හද පාරයි...
විඳිමි දඬුවම් රෑ දිවාකල
නින්ද නැති යහනේ
බිඳුනු පැතුමන් යටම ගුලිවුනි
මිහිරි කිරි සිහිනේ....
..තරංගනී..10,08,2013 11:0

No comments:
Post a Comment