Followers

Wednesday, October 23, 2013

අතහැර යන්නෙ කොහොමද මම හඬනකොට

කළුවර ඇවිත් සඳ සෙවනැලි මකනවිට
දෙනුවන් තෙමා මුතු කඳුළැලි වැටෙන විට
සුසුමක් මහ බරට හදවත පෙළන විට
අතහැර යන්නෙ කොහොමද මම හඬනකොට

නුබ මගෙ නොවී මා අතහැර නොයන විට
අවපස සඳත් පුර පස ලෙස පෙනුනි මට
මා සනසන්න නුඹ හිනැහෙන වෙලාවට
දුටුවෙමි ඔබ නෙතින් දිලිසෙන කඳුළු කැට

නොසිතා දිනක දෙසිතක මල් පිපෙනකොට
හිතුවේ නැතිය මල් පරවෙන බවක් හෙට
නැතිදා නුඹගෙ සෙනෙහස,මල් හිනා වැට
වටිනා තැනකි මළවුන්ගේ ලොවත් මට

..තරංගනී..

No comments:

Post a Comment