Followers

Sunday, October 20, 2013

ඇවිද යමු නිහඬවම මගෙ දුයිෂෙන්..

කඳුළු ඉපදෙන ඇස් කෙවෙනි යට..
හිනැහි හිනැහී නුඹ ම ඉන්නවනම්
කඳුළු නොහෙලා සිරකරන්නම්

එවන් කඳුළේ නුඹව දියවෙයිනම්..

නුඹට නොලැබෙන ජීවිතය මම
මටද නොලබා ඉන්න හිතූ හෙයින්
මටම මා හමු නොවී දිනයක
අපිට අපි හමුවෙතැයි සිතනෙමි මම්

කඳුළු සීතල නැති බැවින් අපි..
හෙළන සුසුමන් සිසිල ගෙනදෙයිනම්
මගේ අතකින් අල්ලගෙන දුර
ඇවිද යමු නිහඬවම මගෙ දුයිෂෙන්..

No comments:

Post a Comment