ඉකිළන අහස යට හමුවුන හැන්දෑවේ
මළ හිරු බසිනු අපි දෙන්නම නෑ දුටුවේ
තරුනෙත් තෙමන කඳුළැලි හද පෑරෙව්වේ
"හිරු"දුක අරන් යන බව කවුරුද කිව්වේ..
පෙණකැටි බිඳෙන සාගර රළ හැපෙන ඉමේ
ඈතට ඇහෙන හෝ හඬ දුක් මතක ගෙනේ
වළලා දැමුව මතකයෙ සටහන් අතරේ
ඔබ මා නමින් ලියු ගීයක පද වැළපේ
නොනිවී ගියත් හිත මැද රැඳි දුක මිහිරේ
ඒ හිත මතම නුඹ වෙත සෙනෙහස පැතිරේ
අවපස අහස මැද නුඹ පුරසඳ උන අතරේ
මම තරුවක් වීමි එළිවෙන තුරු අඹරේ
..තරංගනී..
මළ හිරු බසිනු අපි දෙන්නම නෑ දුටුවේ
තරුනෙත් තෙමන කඳුළැලි හද පෑරෙව්වේ
"හිරු"දුක අරන් යන බව කවුරුද කිව්වේ..
පෙණකැටි බිඳෙන සාගර රළ හැපෙන ඉමේ
ඈතට ඇහෙන හෝ හඬ දුක් මතක ගෙනේ
වළලා දැමුව මතකයෙ සටහන් අතරේ
ඔබ මා නමින් ලියු ගීයක පද වැළපේ
නොනිවී ගියත් හිත මැද රැඳි දුක මිහිරේ
ඒ හිත මතම නුඹ වෙත සෙනෙහස පැතිරේ
අවපස අහස මැද නුඹ පුරසඳ උන අතරේ
මම තරුවක් වීමි එළිවෙන තුරු අඹරේ
..තරංගනී..

No comments:
Post a Comment