Followers

Sunday, October 20, 2013

අලුත් කඩුපුල් පිපිලා


රාත්‍රිය ඇහැරවලා
අලුත් කඩුපුල් පිපිලා
සුළඟ රෑ නිදිවරලා
සුවඳ හොරකම් කරලා

මොහොත,කල්පය වීලා
එතෙක් මම කල් බලලා
හෙටක් ගැන ඉඩ තියලා
තවත් දවසක් ගෙවිලා

දහක් නෙත් යුග වසලා
හිතක් හිතකට බැඳිලා
අහස් කුස ඉඩ ලැබිලා
එහෙත් අත්තටු බිඳිලා

නෙතක් කඳුළැලි උසුලා
කෙතක් සෙනෙහස වපුලා
නැතත් අස්වනු නෙලලා
අළුත් කඩුපුල් පිපිලා..

..තරංගනී..

No comments:

Post a Comment