Followers

Sunday, November 24, 2013

මම නම් දැක්කෙ නෑ

කඩුපුල් පිපෙන මහ රෑ...
සළු පිලි ලෙහුනු යහනේ
ඇතිරිලි තෙමී තිබුනා..
කඳුළුද දහදියද...දිලුනේ..
සඳ නම් දැක්කෙ නෑ..
සඳ පායලා තිබුනද...?
මම නම් දැක්කෙ නෑ..

මුදු සුසිනිදු කමක් නැති
රළු දෙතොලකට පොඩිවුන
මහනෙල් පෙති තරම්
සීතල සිනිඳු කම්මුල්.
රතුපාට උන තරම්..
සඳ නම් දැක්කෙ නෑ..
සඳ පායලා තිබුනද..?
මම නම් දැක්කෙ නෑ

අළුයම ප්‍රථම රැස් වළල්ලට
කලියෙන් ගෙදර යන්නට..
යහනෙන් බැසගන්න විදි දස දුකක්
වළාකුලු අතර සැඟවුන..
සඳ නම් දැක්කෙ නෑ
සඳ ඇවිත් තිබුනද..
මම නම් දැක්කෙ නෑ

..තරංගනී..

No comments:

Post a Comment