Followers

Friday, November 8, 2013

සරසවියේ රළු පොළොවෙ නිතී තවමත් මල් පිපෙනවා ඇතී


සියොලඟ තැවරෙන සුළඟෙ එතී
සුවඳක් හැමුවා මතක ඇතී
ඒ මුඳු සුළඟේ රහසෙ එතී
මුමුණපු නම මට මතක නැතී

කල්ප කාලයක් හිතක එතී
සැඟවුන රූපය ඔබද නිතී
නොකියා නොබලා නිනව් නැතී
නෙතු යුග කිව් සෙනෙහසම ඇතී

මා දෙස ඔබ බලනවයි සිතී
තුටු වුන බව ඔබ දන්නෙ නැතී
වදනක් නැතිවත්..දහසක් සිතිවිලි
ඔබේ නමින් ඉගිලෙන්න ඇතී

සරසවියේ රළු පොළොවෙ නිතී
තවමත් මල් පිපෙනවා ඇතී
ඒ බිම කොතැනක හෝ නිල් දෙනෙතක්..
තවමත් මග බලනවා ඇතී...

..තරංගනී..

No comments:

Post a Comment