අර ඉස්සර දවසක අපි දෙන්නාටම..
එකම වෙලාවක හිනාවුනූ..
දුර වලාකුලක පැටලී හැම තිස්සෙම
රහස් කතාකර මුවාවුනූ
අපි කතා නැතුව ඉන්නා එක දවසට
අකාල මහ වැස්සට තෙමුනූ
මේ ඉස්සර සඳමද..අහසට අයිතිව
සදාකාළිකව මගෙ නොවුනූ
පුර පෝය දාක හඳ දිහා බලාගෙන
දහස් පැතුම් ඇත හිත මැවුනූ
නුඹ උරේ තෙමී ඇති කඳුළු වැලක ඇති
බලාපොරොත්තුව ඉටුනොවුනූ
කළුවරේ තියා පය හෙමින් ඇවිද ගිය
ප්‍රාර්ථනා මාවත මැකුනූ
මේ එදා තුරුළු වී රසෝඝයට ගිය
රාත්‍රියද තුසිතය මැවුනූ..
හද කුසේ පිළිස"ගෙන,වැඩී දිනෙන් දින
දයාබරව පෙති විහිදවුනූ
සෙනෙහසේ ප්‍රථම මල පිපී පරව ගිය
අනාථ අරුමය මට කියනූ
නෙතුවිලේ සැඟවගෙන එදා මෙදා තුර
සදා සෙනෙහසින් ගල් ගැහුනූ
මේ එදා ගැලූ කඳුළුමද කියනු මැන
කොපුල් තෙමාගෙන ඇද හැලුනූ..
ඇසපියා ගැනුනු කෙටි නිමේෂයක දුටු
උදාර සිහිනය නෙත මැවුනූ
අතහැරී ගියපු කල හඬා නොමැත පල
හදාගනිමු හිත බිමදැමුනූ
ඉකිගසා වැලඳ හිස ළැමේ හොවාගෙන
අනන්තයට සිහිනෙන් දුවපූ
මේ එදා නුඹද, මගෙ සුසුම් පොදකටත්
මටත් වඩා සෙනෙහස පාපු
..තරංගනී..
එකම වෙලාවක හිනාවුනූ..
දුර වලාකුලක පැටලී හැම තිස්සෙම
රහස් කතාකර මුවාවුනූ
අපි කතා නැතුව ඉන්නා එක දවසට
අකාල මහ වැස්සට තෙමුනූ
මේ ඉස්සර සඳමද..අහසට අයිතිව
සදාකාළිකව මගෙ නොවුනූ
පුර පෝය දාක හඳ දිහා බලාගෙන
දහස් පැතුම් ඇත හිත මැවුනූ
නුඹ උරේ තෙමී ඇති කඳුළු වැලක ඇති
බලාපොරොත්තුව ඉටුනොවුනූ
කළුවරේ තියා පය හෙමින් ඇවිද ගිය
ප්‍රාර්ථනා මාවත මැකුනූ
මේ එදා තුරුළු වී රසෝඝයට ගිය
රාත්‍රියද තුසිතය මැවුනූ..
හද කුසේ පිළිස"ගෙන,වැඩී දිනෙන් දින
දයාබරව පෙති විහිදවුනූ
සෙනෙහසේ ප්‍රථම මල පිපී පරව ගිය
අනාථ අරුමය මට කියනූ
නෙතුවිලේ සැඟවගෙන එදා මෙදා තුර
සදා සෙනෙහසින් ගල් ගැහුනූ
මේ එදා ගැලූ කඳුළුමද කියනු මැන
කොපුල් තෙමාගෙන ඇද හැලුනූ..
ඇසපියා ගැනුනු කෙටි නිමේෂයක දුටු
උදාර සිහිනය නෙත මැවුනූ
අතහැරී ගියපු කල හඬා නොමැත පල
හදාගනිමු හිත බිමදැමුනූ
ඉකිගසා වැලඳ හිස ළැමේ හොවාගෙන
අනන්තයට සිහිනෙන් දුවපූ
මේ එදා නුඹද, මගෙ සුසුම් පොදකටත්
මටත් වඩා සෙනෙහස පාපු
..තරංගනී..

No comments:
Post a Comment