රන්කොත් වෙහෙර යට..
සැනසුම දුන්න හෙවනට
එකම එක දවසක්...
ඇවිදින් යන්න එනවද..?
ඇහි පිල්ලමක් යට
හොරකම් කරපු හීනෙක
ඔය කම්මුලක පාටම
බිළිඳෙක් හිටිය මතකද?
තද කරගන්න පපුවට
හීන මැව් මගෙ කලලය
අන් සොඳුරියක් බිහිකොට
මට හිමි දුකද එතකොට..?
මගෙ අත අරන් තාලෙට
ඇවිදන් ගියපු පාරෙම
තුන්පත් රෑන යනවිට
කවුරුත් මාව ඇහුවද?
නොකල්හිම නිල් කොණ්ඩෙට
නරකෙස් මතුව ආවට
තවත් තරුණයි මගෙ හිත
සුවෙන් නුඹ හුන්..මතකද..?
මහත් සිටු මාළිග වට පිට
තියෙත්දිද්..විසිතුරෙන් එළිවුන
පෙරත් කල මහා පව් කරුමෙට
අකල් වැස්සත් වැටුනෙ මගෙ මැටි ගෙට..
..තරංගනී...
සැනසුම දුන්න හෙවනට
එකම එක දවසක්...
ඇවිදින් යන්න එනවද..?
ඇහි පිල්ලමක් යට
හොරකම් කරපු හීනෙක
ඔය කම්මුලක පාටම
බිළිඳෙක් හිටිය මතකද?
තද කරගන්න පපුවට
හීන මැව් මගෙ කලලය
අන් සොඳුරියක් බිහිකොට
මට හිමි දුකද එතකොට..?
මගෙ අත අරන් තාලෙට
ඇවිදන් ගියපු පාරෙම
තුන්පත් රෑන යනවිට
කවුරුත් මාව ඇහුවද?
නොකල්හිම නිල් කොණ්ඩෙට
නරකෙස් මතුව ආවට
තවත් තරුණයි මගෙ හිත
සුවෙන් නුඹ හුන්..මතකද..?
මහත් සිටු මාළිග වට පිට
තියෙත්දිද්..විසිතුරෙන් එළිවුන
පෙරත් කල මහා පව් කරුමෙට
අකල් වැස්සත් වැටුනෙ මගෙ මැටි ගෙට..
..තරංගනී...

No comments:
Post a Comment