Followers

Sunday, November 24, 2013

දැන් ලඟයි අවසාන දුම් රිය..

මලක් නොපිපුනු ..රළු පොළොව මත..
අළුත් වැස්සක් වැටෙන මොහොතක
වසත් කල එළැඹිනැයි සිත සිත
අපිත් තෙමුනා...සොඳුර මතකද....

තෙමී සියොලඟ වෙලාගෙන අප
දෙතොලඟින් උණුසුම සොයා සිප
මිදී නොගිහින් වෙලී උන් හැටි
අතීතයටම සින්න වේවිද..

අවපසත් පුරපසත් නොමවුනු
නමක් නැති අඩ සඳක් දිලිසුනු
සිහින විතරක් ගුලිව තෙරපුනු
රාත්‍රියවල් කොතෙක් ගෙවුනිද..

කොතෙක් තිබුනත් මතක ආ ගිය
එකම තැන..හදවතයි නොම ගිය
දැස ඔසවා බලනු සොඳුරිය..
දැන් ලඟයි අවසාන දුම් රිය..

..තරංගනී..

No comments:

Post a Comment