Followers

Friday, July 5, 2013

ඔයා තමයි හැමදාමත් මගෙ ලස්සන හීනේ

හිතේ පිපුන මල් යායේ මලක් මලක් ගානේ
මගේ කියා විඳගන්නට ඔබේ සුවඳ නෑනේ
නෙතේ හැංගිලා හිනැහෙන රැයක් රැයක් ගානේ
ඔයා තමයි හැමදාමත් මගෙ ලස්සන හීනේ 

කොහේදි හෝ මා දුටුවොත් පෙනෙන දුරක මානේ
හිනාවෙලා මගේ අතින් අල්ලන්නට ඕනේ
කඬා වැටෙන කඳුළැලි කැට ගනින්න මට බෑනේ
මුවාවෙලා හඬන්න මට ඔය උරහිස ඕනේ

ලඟින් ඉන්න තිබුනානම් ගෙවෙන පැයක් ගානේ
ඔයාගෙ අත මගේ අතක හෙමින් වෙලෙනවානේ
කියාගන්න දඟලනකොට සිතිවිලි සංතානේ
ඔබම තමයි වචන ටිකක් මගේ මුවට දුන්නේ

මගේ ආදරේ සමනොල ගිර පරදනවානේ
කොහෝම කිව්වත් සෙනෙහස පෙන්නන්නට බැහැනේ
පිපී පරවෙලා යන්නට ඔය ඇස් දෙක මානේ
මලක් වෙලා මම ආයෙත් ඉපදෙන්නට ඕනේ

..තරංගනී..

No comments:

Post a Comment