නෙත නෙත රැඳෙන නිල් දෙනයන සිත නිවන
සිත සිත තැවෙන නුඹ සුමධුර තෙපුලවන
ලඟ ලඟ නැතද දුර වුව හද සෙනෙහෙ වුන
සඳ නුඹ ගැනම සිතමින් මම මහළු වින
පුර පෝයකට නුඹ පින්බර නෙත කුලුනු
සැරසිලි කල විසල් පහනකි සිත රැඳුනු
පුරපස නැතොත් අවපස ලෙස වෙනස් වුනු
පෙරඹර සඳකි නුඹ සදහට මගෙ නොවුනු
දුක දුරු කරන ප්‍රිය තෙපුලක රස පොකුර
නෙක සෝ සුසුම් අමතක කල නෙත් අඹර
දැක මා ලබන ආනන්දය තුටු මිහිර
සැක නැත රැයක නුඹ දුටුවෙමි තරු අතර
No comments:
Post a Comment