Followers

Saturday, July 13, 2013

අකල් වැස්ස නුඹලූ..

නිදා  වැටී හුන්
හිතේ සියුම් තැන්
සිනාවකින් තෙරපූ
සදා දයාවෙන්
මගෙ ගෙල තැවරූ
සුසුම නුබට හිමිලූ..

අනිසි රැයක දුටු
නොනිසි සිහිනයක
අදිසි විලස හමුවූ
රැයම ගෙවුන කල
දුටුව සිහිනයෙන්
අවදි වෙන්න බැරිලූ

ඉරී තැලී ගිය
නියං හදවතක
හරිත පැහැය තැවරූ
රිදී බිංදු වී
මහද තෙමාලුව
අකල් වැස්ස නුඹලූ..

මිදී නොයා හැර
තබා සුවඳ පොද
නුඹේ අතක වෙලුනූ
සදාකාලිකව
බැඳී, ඇඳී එන
ලැඳී සුරත මගෙලූ...

  ..තරංගනී..13,07,2013..10:23 රාත්‍රිය



No comments:

Post a Comment