නින්ද නැති දෙනෙතට
මුතු කඳුළු එනවිට
පිසලන්ට හනිකට
ඔබ දුවල එනවද
වියළි දෙතොලග හිඳ
සුසුමන් ඉගිල යනවිට
උණුසුමක් දැනුනද
මගෙ සුසුම් සුවඳද
ඉඳහිට නිහඬ බව බිඳ
නැගෙනා කුරුළු ගීයක
පද පෙලක් තිබුනද
ඔබ මට ලියපු ගීයක
මගෙ පාළු කුටියට
බෝ දුරින් හිඳ නුබ
මට හීන එව්වද
කඩුපුල් පිපෙන මැදියම
නුබ ගැනම හිත හිත
පොඩිවී තැවෙන පෙම් හිත
දෝතටම ගෙන මම
මිරිකා තලා ලන්නද
.."තරංගනී" 03, 06, 2013 ..10:10 pm

No comments:
Post a Comment