පුලතිසි පුරයට පුරසඳ පායා සඳ දිය දහර ගලයි
ගල් විහාරයේ සීතල ගල් තල සඳ එලියෙන් නෑවෙයි
සීත මාළිගේ පිස එන මඳ නල හැමදාමත් සිසිලයි
ඔබෙයි මගෙයි පෙම් රහස් දැනන් හිටි නගර බැම්ම පාලුයි
පැරකුම් සයුරේ නිල්වන් දිය රළ තාලෙට නැගෙනවලු
රන්කොත් වෙහෙරේ සෙවනැලි සිතුවම් වතුරට වැටෙනවලු
අපි ඇවිදන් ගිය සුදු වැලි මාවත තවමත් සෙවනයිලු
වැලි කැට අතරේ වැටිල තියනවලු අදුරන්නැති කඳුළු
ලංකාතිලකේ පිළිම ගෙට උඩින් දෙදුනු පාට තියා
වස්සානේ ලඟ එන බව කියමින් ලිහිණින් ඉගිල ගියා
කවදා හෝ ඔබ ආපසු ආවොත් අතීත මතක සොයා
මගෙ හදවත මම සුලඟට දුන්නා ඔබටම දෙන්න කියා
No comments:
Post a Comment