Followers

Friday, July 5, 2013

ඔබෙයි මගෙයි පෙම් රහස් දැනන් හිටි නගර බැම්ම පාලුයි

පුලතිසි පුරයට පුරසඳ පායා සඳ දිය දහර ගලයි
ගල් විහාරයේ සීතල ගල් තල සඳ එලියෙන් නෑවෙයි
සීත මාළිගේ පිස එන මඳ නල හැමදාමත් සිසිලයි
ඔබෙයි මගෙයි පෙම් රහස් දැනන් හිටි නගර බැම්ම පාලුයි

පැරකුම් සයුරේ නිල්වන් දිය රළ තාලෙට නැගෙනවලු
රන්කොත් වෙහෙරේ සෙවනැලි සිතුවම් වතුරට වැටෙනවලු
අපි ඇවිදන් ගිය සුදු වැලි මාවත තවමත් සෙවනයිලු
වැලි කැට අතරේ වැටිල තියනවලු අදුරන්නැති කඳුළු

ලංකාතිලකේ පිළිම ගෙට උඩින් දෙදුනු පාට තියා
වස්සානේ ලඟ එන බව කියමින් ලිහිණින් ඉගිල ගියා
කවදා හෝ ඔබ ආපසු ආවොත් අතීත මතක සොයා
මගෙ හදවත මම සුලඟට දුන්නා ඔබටම දෙන්න කියා

No comments:

Post a Comment