Followers

Friday, July 5, 2013

ප්‍රියේ මම මිය ගියා

ඔබ සමඟ එක්ව ගැයු
මිහිරි ගී මතකයන්
මුව තුලම ගොලු උනා

වැස්ස යට පෑ රැඟුම්
කඳුළු වතුරක් වෙලා
මහ සයුර වෙත ගියා

අපි තැනූ යාත්‍රාව
අපි නේන බව දැනන්
තනිව ආපසු ගියා

නුඹ නැතුව ගෙවුන ඒ
එකම එක තත්පරෙන්
හුස්ම අමතක වෙලා
ප්‍රියේ මම මිය ගියා

No comments:

Post a Comment