Followers

Friday, July 5, 2013

තාත්තා

එක දවසක් හැඬ බලන්න පොසොන් පෙරහැරේ
යන්න ඕනෙ කියලා අපි දුන්න කරදරේ...
මාවයි නංගිවයි තියන් මාරුවට කරේ
තාත්ත පෙන්නුව ලස්සන පොසොන් පෙරහැරේ....

උඩහ ගෙදර පොඩි ළමයගෙ බින්දු පත්තරේ..
නංගි හොරෙන් අරන් ඇවිත් බැලුව විස්තරේ
තාත්ත ඇහුවා ඇයි අපි හොරකමක් කරේ..
හොඳ වේවැල් පාර දෙකෙන් පස්ස රත් කලේ...

හිත ඇතුලේ තමයි තිබුනෙ අපිට ආදරේ
ඉඳ හිටලා තමයි අපිට විහිලුවක් කලේ
දිලෙනා සුදු පියුම් විලස බොර දිය දහරේ
තාත්තෙ ඔබ තමයි අපිව සුවඳ මල් කලේ

No comments:

Post a Comment