ලයේ නැගෙන රණවිරු කම පරයමිනේ
ගියේ නුබට මගෙ හදවත සෙනෙහසිනේ
දැයේ නමින් යුද වැදි යාපාපටුනේ
ප්‍රියේ කියන් ඇයි නුබ මගෙ හිත බැදුනේ
හඩා වැටෙන දෙනෙතින් කී නොකී කතා
විඩා නොමැත නුබ මට රසදුනකි ඉතා
වඩා වැලද නලළත සිපගනිමි පතා
දොඩා පල නොමැත තිලකය මැකුන ලතා
පිණි වැටුනද මුදු සියපත සිසිල දෙවයි
සද නැතුවද නිල් තරු එලි අදුර මකයි
නුබ ලග හිද සෙනසුන කල සිත නැලවෙයි
ගිනි වැදුනද තල් අරණේ මට සිසිලයි
No comments:
Post a Comment