Followers

Friday, July 5, 2013

වරම් දෙන්න අම්මේ මට ආයෙ ගෙදර එන්න

මම කියනා පුංචි බණට වශී වෙලා ඉන්න
බණ පද දෙක තුනක් අසා සාදුකාර දෙන්න
යන්න පිටත් වී දෝතින් මගේ පා වදින්න
කියන්න අම්මේ හැකිවෙද මට ඉවසන් ඉන්න

පින් පතමින් හතර වරිගෙ සසර එතෙර වෙන්න
බල කෙරුවා අප්පච්චි මහණ දම් පුරන්න
ලොකු සාදුට ඉඩ දුන්නට හිස මුඩු කරලන්න
ඒ මොහොතෙත් මට හිතුනා ගෙදර දුවල එන්න

මහණ වෙලා මම විදිනා දුක් කරදර ගොන්න
දැක දැක හැකිවෙද සසරින් ඔබට එතෙර වෙන්න
වෙන දවසක ලොකු අය්යව මහණ කරල දෙන්න
වරම් දෙන්න අම්මේ මට ආයෙ ගෙදර එන්න

No comments:

Post a Comment