පැරකුම් වැව් දියට උඩින්
කඳු යායට එළිය ලමින්
සඳ දෙව් දුව සිනා නගනවා
පුලතිසි පුරයම එළිවෙනවා...
..සිත් අහස මගේ අඳුරුයි රෑට
..ඔබ දන්නවාද හේතුව ඊට..
නොනිදා නිදියමින් හෙලුව
කඳුළු රිදී පිනිදිය වී
හිරු දුටුවම හැංගෙනවා
ආපහු යන්න කියනවා
..ඔබ ඇවිදින්වත් යන්නැති දාට
..මේ තනිකම මම කියන්නෙ කාට
අත නොහැරම අත හැරිච්ච
මට ලැබුනද මගෙ නොවිච්ච
ඔය නෙත් මගෙද හිතෙනවා
එහි කිමිදෙන්න හිතෙනවා
..ඔබ තරුවක් වී දිලෙන්න රෑට..
..මහ පොළොවට මා වැළලුන දාට
No comments:
Post a Comment