Followers

Friday, July 5, 2013

මේ කවි... මා දුටුවේ ඔබේ ඇස් වල බව ඔබ දන්නවාද...

පියගැට පෙළ පාමුල
මම බලා සිටියා ඔබ එනතුරා
ඔබ ඇවිත් තිබුනා
ඒ බවක් මා දන්නේ නැහැ..
ඒත්..මට හිතුනා ඔබ එතැයි කියා..

ඔබ හිනාවෙවී උන්නා
පියගැට පෙළ මුඳුනේ..
හරියට සඳවතක් වගේ.
දෙතොල් පෙති විකසිතව ඉහිරුනා


පොළොවේ පෑයූ සඳ ඔබය
සෙනෙහස පිරුණු දයාබර ..

හිනාවෙලාම ඉන්න..
මේ කවි සුන්දරයි
ඔබ කියවන විට ...
මගේ මතක පොහොට්ටු
ඔබ ලග පූදින්න බලන් ඉන්නවා...

පරවී නටුවෙන් ගිලිහී ගියත්,
මතක පොහොට්ටු  සුවඳ
ඔබ වගේම චමත්කාරය.

ඉතින් එන්න...
මා ලගටම ඇවිත්
මතක පොහොට්ටු සුවඳ
හිත පුරා විඳගන්න..

මේ කවි...
මා දුටුවේ ඔබේ ඇස් වල බව ඔබ දන්නවාද...
මේ කවි..
මට කිව්වේ..ඔබේ දෙතොල් බව ඔබ දන්නවාද..
මේ කවි..
මා ලිව්වේ රැයේ සිහින වල බව ඔබ දන්නවාද.

මගේ මතක ඇතුලේ ගුලිවෙලා...
ඔබේ කවියත් තියනවා...
මගේ මතක ඇතුලේ තාමත්..
ඔබේ උණුසුම තියනවා....

ඇවිත් බලන්න..
මේ ඔබේ කවියද කියා..





No comments:

Post a Comment