Followers

Friday, July 5, 2013

මම ඉතිං මිය ගියා හෙට බණ...

ඉකිගසා හඬන සිත අරගෙන..
කොහෙ කියා යම්ද මම දුවගෙන...
ඇති කියා නුඹ විඳින සැනසුම..
නිම උනා යුගය මම හිනැහුන..

මංමුළා දැලක පැටලෙනු දැන..
තුන්යමේ නුඹට ලී කවි ගැන..
පද නුඹට අමතකද කිව මැන..
මට මාව අමතකව ගිය තැන...

පින් කියා වැඳ වැටී බැරි තැන..
දෙස් තියා යුධ වැදී බැරි තැන..
තුන් සිතට ගිනි තබා රහසින...
මම ඉතිං මිය ගියා හෙට බණ...

No comments:

Post a Comment