Followers

Friday, July 5, 2013

යශෝදරා.....

යශෝදරා.....

දොර හැර මදක් හිස පොවමින් කුටිය වෙත
ඔබ හෙලු බැල්ම දුටුවෙමි පියවුනිද නෙත
මම හැඬුවනම් රාහුල ඇහැරෙනු නියත
එනිසයි සිටියෙ හිමියනි තද කරන් සිත

පෙම් බැඳි කල පටන් ඔබ වෙත නිමක් නැති
දැන හැඳිනුවෙමි තිර අදිටන් ඔබගෙ ඇති
නළඟන කෙලි පවා පිලිකුල් කෙරුවෙ නිති
මම ඉවසුවේ සෙනෙහසටයි ඔබට ඇති

රාහුලයෙක් උපන් බව දැන මගතොටදි
ගෝතමියන්ට බැඳි මුතුහර යැව් විටදි
ඔබ නෙතු තුලින් පිලිඹිබු වුන සතුට මදි
මම නොව එහෙම කිව්වේ ජන්නයි මුලදි

යන බැව් දැනද මම ඉවසන් හිටියාට
දිවියම දුකක් බව ඔබගෙන් ඇසුවාට
සසරෙන් සසර ඔබ වෙත පෙම් කෙරුව මට
තනිකම දුකයි ආපසු එනු හැකිද හෙට

No comments:

Post a Comment