සඳ කුමාරියත් පෙනිලා නොපෙනී ගියේ
මගෙ සුසුම් පාවෙලා හැපිලා අනන්තයේ
නුඹ දන්නවද මම දන්නෙ නෑ ප්‍රියේ
වළාකුලුත් ඉකිගසා හැඬුවා රැයේ
නුඹ මගෙන් උදුරාගෙන ගියේ
හිත නෙවෙයි මුලු ජීවිතයමයි ප්‍රියේ
නුඹ දන්නවද මම දන්නෙ නෑ ප්‍රියේ
මහමෙරත් සෙලවුනා සුසුමකට මගෙ ලයේ
මට එන්න මඟ වලකලා ඉගිලුනේ
සමනලුද දෙබරුන්ද නැහැ තේරුම් ගියේ
නුඹ දන්නවද මම දන්නෙ නැහැ ප්‍රියේ
ඇස් දෙකයි හදවතයි නුඹ තමයි මගෙ ලොවේ
No comments:
Post a Comment