Followers

Friday, July 5, 2013

.බැලුම් බෝල හඳ මාමා............


...සුදු පාටට අහස පුරා වළාකුලු පෙලේ
...නිල් පාටට හිනාවෙවී තාරකා දිලේ
...නංගි මල්ලි දුවල එන්න පුදුමයක් මෙහේ
...හඳ මාමා බිමට ඇවිත් අම්ම නැති වෙලේ

කිරි අත්තගෙ වෙල්යායේ නියර මැද වගේ
හඳ මාමා හිනාවෙවී අත වනයි බොලේ
හරි පුදුමයි හරි පුදුමයි හීනයක්ද මේ
අහසෙ හිටපු හඳ මාමා කුඹුර මැද දිලේ

ලොකු අක්කයි ලොකු අය්යයි හීනි අඩි තියා
හොරෙන් හොරෙන් හඳ මාමා අල්ලන්න ගියා
ලොකු අක්කා හඳ මාමාව හෙමින් උස්සලා
කිරි අත්තගෙ වී පඳුරක උඩින්ම තිබ්බා

නංගි මල්ලි දුවල එන්න ඉක්මන් කරලා
හඳ මාමගෙ හැඩ බලන්න ලඟට ඇවිල්ලා
උදේ ඉදන් චූටි මල්ලි සෙල්ලම් කරලා
කහ පාටයි බැලුම් බෝලෙ මෙහෙ විසි කරලා

හහා හහා හහා හහා මදැයි රැවටුනා
බැලුම් බෝල හඳ මාමව උඩට යවල්ලා
අනේ එයා උඩ යන්නෑ බලමු ලන් වෙලා
බැලුම් බෝල හඳ මාමගෙ හුලං ගිහිල්ලා

No comments:

Post a Comment