Followers

Friday, July 5, 2013

මගෙ ආදර දිය රළ පෙළ

වළාකුළු මැදින් හෙමිහිට ඉරාගෙන රිදී සළු පිළි.
මන්නරම් අහස මතට සඳ ඇවිදින් තිබුණා..
ගලා හැලෙන සඳ වතුරේ සරා සිහින තුරුළු කරන්..
වෙඩිතල් තිව් පාර දිගේ මම බලාන උන්නා..

මලනික මගේ සිතිවිලි මැදින් දඟ කරන හෙමිහිට
කතා කරන දෑස ප්‍රියේ මගෙ මතකෙට එබුනා..
උනා එන කඳුළු අතරේ..සිනා බිඳිති එක්තැන් කොට..
සිනා පිරුන ගංගාවක් මහ මුහුදට ඇඳුනා..

පලා හඳ මඬල ඇතුළේ පිරී ඇති උතුම් සෙනෙහස..
ගලා යන සිනා ගඟුළට රූඋරාගෙන හැලුනා
මගේමයි කියා කිව්වත් මගේ නොවුනු සෙනෙහස ගැන
සිහිවන මොහොතක් පාසා හිත හොඳටම රිඳුනා..

මහා ජල බිඳිති එක්වුන නීල සාගරේ පතුළට..
ගලා ගිය සෙනේ කැබලිති හේ හෙමිහිට ගිලුනා..
මන්නාරම් පිටි වැල්ලේ නුඹේ දෙපා යුග සිඹිමින්
මගෙ ආදර දිය රළ පෙළ අනන්තයට ඇඳුනා..

No comments:

Post a Comment