බැස යන්න ලන්වෙලා සඳ දිය ගලා බසී
සල් මලක සුවද කලුවර දැල ඉරා එතී
ලඟ ඉන්න දෙනවනම් ඔබෙ උනුසුමට බැදී
මට කල්පයක් එපා එක තත්පරෙත් ඇතී
හිත යන්න ගිය දිනේ මා හැර ඔබට බැදී
මට අයිති උන දෙයක් නෑ මගෙ කියා නිතී
සිප ගන්න දෙනවනම් ගෙලවට දෑත බැදී
මට මහ මෙරක් එපා එක වැලි කැටෙත් ඇතී
නිදියන්න බැහැ ප්‍රියේ සිහිනෙක ඔබම රැදී
එලිවෙන්නෙ කොහොම කෙලෙසක මට නිනව් නැතී
වැළපෙන්න දෙනවනම් ඔබෙ තුරුලටම වැදී
සැඩ සුලග මට එපා ඔබෙ සුසුමකුත් ඇතී
No comments:
Post a Comment