දුරකට කැන්දාන යන්න මහා සතුටකින්
තැනුවා වැලි මාළිගාව නුඹෙ දෙපා ලගින්
තිබුනානම් හිත ඇතුලේ වෙන් වෙන්න මගෙන්
ඇයි නුඹෙ දෙතොලම තැබුවේ මගේ නළලතින්
පැරකුම් සමුදුර පිස එන සුමුදු මද නලින්
ඇසුවා මම නුඹ ගැන නැහැ පිළිතුරක් ඉතින්
තිබුනා නම් හිත ඇතුලේ වෙන් වෙන්න මගෙන්
ඇයි මගෙ දෙකොපුල් තැව්වේ නුඹේ සුසුමකින්
මහවැලි ගඟ මතින් ගලන බොර දිය පහරින්
ඇසුවා මම දිය කරන්න ගැලු කඳුලු නෙතින්
තිබුනා නම් හිත ඇතුලේ වෙන්වෙන්න මගෙන්
ඇයි මගෙ ඉරණම ලිව්වේ නුඹේ පන්හිඳෙන්
No comments:
Post a Comment