සිතිවිල්ල නවතින තැනත් නුඹ
විඳවිල්ල නවතින සිතත් නුඹ
ලියවිල්ල ලඟ පන්හිඳත් නුඹ
හසරැල්ල ගෙන එන දෙතොල නුඹ
නැලවිල්ල දනවන කවිය නුඹ
අතැඟිල්ලෙ දැවටුන මුදුව නුඹ
අරුණල්ලෙ දිදුලන හිරුය නුඹ
සැනසිල්ල ගෙන එන තරුව නුඹ
කඳුලැල්ල නවතින තැනය නුඹ
ගඟුලැල්ල මම මහ සයුර නුඹ
කැළඹිල්ල මම මුදු වදන නුඹ
පියවිල්ල මම මගෙ දෙනෙත නුඹ
No comments:
Post a Comment