Followers

Friday, July 5, 2013

හැම හීනෙකම නුඹ ඉන්නවා

සඳපාන මට එළිය සඳනවා
නිදියහන මට සුවය ගෙනෙනවා
නෙතුපියන් යට හීන මැවෙනවා
හැම හීනෙකම නුඹ ඉන්නවා

තරු දෑස මගෙ අතින් අදිනවා
මගෙ හීන මට කතාකරනවා
හැමදාම මඟ බලා ඉන්නවා
ජීවිතය මගෙන් නුඹ ගන්නවා

නුඹේ සිත මතින් මගෙ සිත තියා
සත් මහල් ප්‍රාසාද තනනවා
මම මගේ ආදරය කියනවා
නුඹ දන්නේ නෑ වගේ ඉන්නවා

No comments:

Post a Comment