Followers

Friday, July 5, 2013

ගඟ තවම ගලනවද රත්තරං



කඳුළු මල් පිපෙනකොට ඇති තරම්
සිනා මල් පිපෙන්නෙම නැති තරම්
ඇස් වලින් වැටුන කඳුළැලි අරන්
ගඟ තවම ගලනවද රත්තරං

සඳ, අහස,තරුවලින් තනු අරන්
මම ලියපු කවි ගීත ලන් කරන්
කාටවත් නොපෙන්නා තද කරන්
විඳින දුක පේනවද රත්තරං

කෑලි කපනා කළුවර තියන්
නින්ද නැති දෙනෙත්තද කර පියන්
හීන මවනා නුබම සිහිකරන්
තාම ආදරෙද මට මම තරම්

මගෙ දෙතොල් මතින් සිනහව අරන්
මගෙ නින්ද සදහටම නැති කරන්
ඔබ ගැනම හිතන් ඉන්නට තරම්
මට මාව නැති උනා රත්තරං

..තරංගනී..24,06,2013 10;27 pm

1 comment:

  1. සොඳුරු කවි කාරියේ...ඔබේ මේ මතක පොහොට්ටු යාය පිරි බ්ලොග් අඩවියට මගේ උණුසුම් සුබ පැතුම්..

    ReplyDelete