හිතන්න බැරිතැන නොහිතා ඉන්නෙමි...
මම මගෙ සිතුවිලි හංගනවා...
ලියන්න බැරිතැන නොලියා ඉන්නෙමි.
පංහිද..ඈතක වැලපෙනවා..
කියන්න බැරිතැන නොකියා ලතවෙමි..
සියක් වදන් මුව ගොලුවෙනවා..
විඳින්න බැරිතැන..නොවිඳ සිනාසෙමි..
එහෙත්..මගේ හිත විඳවනවා..
සුවඳක් වී නුඹ, ඇවිදින් මාවෙත
සුළඟක් වී ආපසු යනවා
සුසුමක් වී නුඹ තුරුළුව හදවෙත
කඳුළු වී නෙතින් පිටවෙනවා..
පොතක් උනා නුඹෙ නීල දෙනෙත් යුග
මම ඒ නෙතුමත කවි ලිව්වා
දෙනෙත් පියන්නට එපා ප්‍රියේ නුඹ
මම තව ඒ කවි කියවනවා..
රැයක් උපද්දන සඳක් වගේ නුඹ
සදා එළිය දී බැබළෙනවා
සඳෙන් එළිය වී දිලෙන විලක මම
කුමුදු මලක් වී හිනැහෙනවා
මලක් උනත් මම සුවඳ විහිදුවන
දිනක් ගෙවී මල් පර වෙනවා..
මගෙන් දුරස් වී ගියත් ප්‍රියේ නුඹ,
එදා වගේ සඳ පායනවා
..තරංගනී..28,06,2013..10;40 pm
මම මගෙ සිතුවිලි හංගනවා...
ලියන්න බැරිතැන නොලියා ඉන්නෙමි.
පංහිද..ඈතක වැලපෙනවා..
කියන්න බැරිතැන නොකියා ලතවෙමි..
සියක් වදන් මුව ගොලුවෙනවා..
විඳින්න බැරිතැන..නොවිඳ සිනාසෙමි..
එහෙත්..මගේ හිත විඳවනවා..
සුවඳක් වී නුඹ, ඇවිදින් මාවෙත
සුළඟක් වී ආපසු යනවා
සුසුමක් වී නුඹ තුරුළුව හදවෙත
කඳුළු වී නෙතින් පිටවෙනවා..
පොතක් උනා නුඹෙ නීල දෙනෙත් යුග
මම ඒ නෙතුමත කවි ලිව්වා
දෙනෙත් පියන්නට එපා ප්‍රියේ නුඹ
මම තව ඒ කවි කියවනවා..
රැයක් උපද්දන සඳක් වගේ නුඹ
සදා එළිය දී බැබළෙනවා
සඳෙන් එළිය වී දිලෙන විලක මම
කුමුදු මලක් වී හිනැහෙනවා
මලක් උනත් මම සුවඳ විහිදුවන
දිනක් ගෙවී මල් පර වෙනවා..
මගෙන් දුරස් වී ගියත් ප්‍රියේ නුඹ,
එදා වගේ සඳ පායනවා
..තරංගනී..28,06,2013..10;40 pm

No comments:
Post a Comment