හමුවුණු මොහොතක සුවය ලබන්නට පෙම්බර නුබ පහසේ
නොවැටුනු කදුලක් පෙරුම්පුරාගෙන තවමත් ඇත දෑසේ
කලුවර හිතකට එලිය ගෙනෙන්නට කාටත් හොර රහසේ
තවමත් පින්සර සද පායනවද මන්නාරම් අහසේ
නිමක් නැතුව මගෙ හද මඩලේ නුබ හැම මොහොතෙම ගැවසේ
ඔබම තමයි මට ජීවිත වත්කම පියලින් බැදි දහසේ
ලොවට පෙනෙන්නට සිනාසුනත් සගවා කදුලැල් රහසේ
හඩන්නෙ කොහොමද කියන්න මට ඔබ සිටියදි මගෙ දෑසේ
අනන්ත තරුකැට දහසක් මැද නුබ පුරසද මගෙ අහසේ
පිපෙන්න දගලන එකම මලයි නුබ මගෙ හදවත් පලසේ
සිතන්න නෑ තව කිසිම දෙයක් මට මගෙ අවසන් දවසේ
මියෙන්න අවසර දෙන්න ප්‍රියේ මට ඔබ තුරුලෙම රහසේ
No comments:
Post a Comment