පිණි වැටෙනා වසන්තයේ සීතලත් අරන්
නුඹ එන මඟ බලා හිඳී දෑස මට හොරෙන්
හිත ඇතුලේ ගිනි කන්දක් මවන්නට තරම්
ආදරේ ඒ තරම්.. උණුසුම්ද රත්තරං
එක මොහොතක් තුරුළු වෙලා හිඳින්නට තරම්
කල්පයකින් තත්පරයක් නැති කලෙක වරම්
හිත දිය කර කඳුළු වෙලා ගලන්නට තරම්
ආදරේ ඒ තරම් නපුරුයිද රත්තරං
නුබෙ අත අල්ලාගෙන හෙමීට කම්මුලට තියන්
මම කී කවියේ පදවැල් තේරුනද කියන්
ඇස් දෙක පියවෙන ගානේ මැවෙන්නට තරම්
ආදරේ හීන තරම් මුදුද රත්තරං
...තරංගනී...
No comments:
Post a Comment