යලිත් අපි හමුවෙමු කියා
අදත් හිරු බැසගෙන ගියා
සඳත් ඇවිදින් හිරු සොයා
හෙටත් මගෙ විතරයි ඔයා
නුඹෙ සුසුම් සුවඳයි කියා
මගෙ සුසුම් සුළගට ගියා
ලඟ තියන් සැනසෙමි කියා
හිතම නුඹ අරගෙන ගියා
නුඹ හිදින සිහිනය සොයා
නිදි ලොවට මම දිව ගියා
ඇවිත් සිහිනෙක සුව තියා
දෙනෙත් මත සිටියද ඔයා
No comments:
Post a Comment