ජීවිතේ කතාවක භූමිකාවක් වෙලා
ආදරේ රසෝඝය මවනවා
වේදිකා තිරපටින් ඇතුලු ඉම හමුවෙලා
එක්වන්න බැරි දුකට හඬනවා
ඔබෙත් නොව මගෙත් නොව
අපි අපේ නොවන බව
පහදන්න එපා මම දන්නවා
ජීවිතේ හැමදාම වේදිකා ගතවෙලා
ආදරෙන් හමුවන්න හිතෙනවා
එදා ඔය නෙතින් දුටු සෙනෙහසේ තාරුකා
මෙදා මා දුටු විගස දිය වෙමින්
ඔබේ උවනෙතින් දුටු සඳේ නිකළැල් සොඳුරු
මැකී යනු දුටිමි උණු කඳුලකින්
සුදෝ සුදු දෙකම්මුල් සෙමෙන් දෝතට අරන්
මොහොතකට දෙනෙත් තුල කිමිඳෙමින්
නලල් අඬ සඳෙන් ඔබෙ සුවඳ උණුසුම ගනිමි
අනුන් සතු වුවද මා දෙතොලගින්
හැකිවුනොත් ආයෙමත් වේගයෙන් දිවයන්න
මුලින් හමුවුනදාට මොහොතකින්
දෝතින්ම වැළ්ඳගෙන අතනොහැර හිඳින්නෙමි
මේ නපුරු ලෝකයට බිය බැවින්
අතීතෙක කරපු පව් නිසාවෙන් සිදුවුනත්
දෙතැනකට වී ඉන්න ගින්දරෙන්
පාපයක් නොකර අපි මේ භවෙන් සමුගනිමු
මතුසසරෙ හමුවෙන්න ආදරෙන්
No comments:
Post a Comment