Followers

Friday, July 5, 2013

නලල් අඬ සඳෙන් ඔබෙ සුවඳ උණුසුම ගනිමි අනුන් සතු වුවද මා දෙතොලගින්

ජීවිතේ කතාවක භූමිකාවක් වෙලා
ආදරේ රසෝඝය මවනවා
වේදිකා තිරපටින් ඇතුලු ඉම හමුවෙලා
එක්වන්න බැරි දුකට හඬනවා
ඔබෙත් නොව මගෙත් නොව 
අපි අපේ නොවන බව
පහදන්න එපා මම දන්නවා
ජීවිතේ හැමදාම වේදිකා ගතවෙලා
ආදරෙන් හමුවන්න හිතෙනවා

එදා ඔය නෙතින් දුටු සෙනෙහසේ තාරුකා
මෙදා මා දුටු විගස දිය වෙමින්
ඔබේ උවනෙතින් දුටු සඳේ නිකළැල් සොඳුරු
මැකී යනු දුටිමි උණු කඳුලකින්
සුදෝ සුදු දෙකම්මුල් සෙමෙන් දෝතට අරන්
මොහොතකට දෙනෙත් තුල කිමිඳෙමින්
නලල් අඬ සඳෙන් ඔබෙ සුවඳ උණුසුම ගනිමි
අනුන් සතු වුවද මා දෙතොලගින්

හැකිවුනොත් ආයෙමත් වේගයෙන් දිවයන්න
මුලින් හමුවුනදාට මොහොතකින්
දෝතින්ම වැළ්ඳගෙන අතනොහැර හිඳින්නෙමි
මේ නපුරු ලෝකයට බිය බැවින්
අතීතෙක කරපු පව් නිසාවෙන් සිදුවුනත්
දෙතැනකට වී ඉන්න ගින්දරෙන්
පාපයක් නොකර අපි මේ භවෙන් සමුගනිමු
මතුසසරෙ හමුවෙන්න ආදරෙන්

No comments:

Post a Comment