වළාපෙල හැපෙන පාවෙන ගුවන අරා
බලා හිඳිමි මහ වැසිදිය වැටෙන තුරා
පලා හද මඬල නෙත කඳුළැලි වපුරා
පලා ගිය අරුම ආදර දෙවෙන්දොරා
නෙලාගත්ත සකුරා මල ගෙන උදුරා
හලා බිම දමා තමබොචි සොහොන පුරා
තලා පයින් පාගා පෙති බිඳෙන තුරා
ගලා යන දියට දැමු හැටි දෙවෙන්දොරා
පෙලා ගියද පෙම් බැඳ මට පෙරුම්පුරා
දුලාර නුබ සිහිනය මගෙ සසර පුරා
බලා කබුකි රංගන සතුටින් උතුරා
වෙලාගත් මොහොත මතකද දෙවෙන්දොරා
මලානික අඳුර මැද රැය ගෙවෙන තුරා
සලා පවන් නුබෙ දා බිඳු නිවෙන තුරා
වෙලාගොස්, කෝපිහල් දොර වසන තුරා
බලා වැළඳ ඉන්නද මම දෙවෙන්දොරා..
..නොරිකො..

No comments:
Post a Comment