දස වසරකට එපිටින් පෙම්බර බැඳුම
එක්තැන් උනා අපි පලදුනි පෙම් පැතුම
රැජිණක් යැයි සිතා ඉපිලුනි තුටින් මම
සිහිවන විටත් උණු වී යයි මුලු හිතම
අබැටක් තරම් වරදක් වෙනු නොතබාම
ඔබ ගැන සිතුවෙමිය ප්‍රිය බිරිඳක සේම
අන් සොඳුරියක හට රිංගන්නට තරම
හිඩැසක් අප අතර ඇතිවුන අරුම කිම
දහදුක උනත් ඔබ හා කුලගෙයි විඳින
මට නැහැ හිතක් ඔබ හැර වෙනතක බැඳෙන
හිමියනි මගෙන් වෙන්වී යන්නට හදන
අන්තිම රැයද අපි එක යහනක නිදන

No comments:
Post a Comment