Followers

Friday, July 5, 2013

මට මාව නැතිඋනත් හැමදාම නුබට මම ඉන්නවා

දුක ගේන කදුළකත් සැනසීම බිඳුවකුත් තියනවා
සඳ පහන නැති උනත් තරු පොකුරු මුදු එලිය ගෙනෙනවා
හැමදාම සුදු ඇඳන් කුමුදු මල් රෑ පුරා පිපෙනවා
මට මාව නැතිඋනත් හැමදාම නුබට මම ඉන්නවා

මගෙ කොපුල් මත තාම නුබෙ දෙතොල් උණුසුමත් තියනවා
මට පේන හීන වල හැමදාම නුබ හිනා මවනවා
අත පාන දුර ඉදන් නුබ තාම මට කතා කරනවා
මගෙ නේද හැමදාම මම ඉතින් මගෙ හිතෙන් අහනවා

නුබ ගේන සැනසීම මට මහා මෙර තරම් වටිනවා
නුබ සිනා සලනකොට මගෙ කඳුලු නොදැනීම මැකෙනවා
මම දෝත පානකොට නුබ සිනා වැස්සක්ව වැටෙනවා
නුබේ ඇස් වලින් මම.ජීවිතේ සොඳුරු තැන් දකිනවා

No comments:

Post a Comment