Followers

Friday, July 5, 2013

සුවඳ තිබුනෙ නෑ

මන්නාරම් මුහුදු හුලග
දහදිය බිඳු අරන් ගියත්
නුඹේ සුසුම් වල දැවටුන
සුවඳ තිබුනෙ නෑ

වෙඩිතල්තිව් පාර දිගේ
ගිනි අව්වේ ඇවිද ගියත්
නුඹ ඝැන සිතුවිලිත් එක්ක
වෙහෙස දැනුනෙ නෑ

තිරු කෝවිල වටේ පිපුන
කහ මල් පෙති සුලගෙ ගියත්
ඒ සුලගට මගෙ සෙනෙහස
ගහගෙන ගියෙ නෑ

සොඳුරිය මේ අහස යටම
මා වෙනුවෙන් නිදි නැති නුඹ
මගෙ පණ නල ගියත් ඉතින්
අමතක වෙන්නෑ

No comments:

Post a Comment