Followers

Friday, July 5, 2013

ගිහින් හොයමු අපි දෙන්නම සටහන් අපි තියපු

කාත් කවුරුවත් ලඟ නැති මොහොතක පිට පැනපු
කඳුල නුඹද තනිකම දැක නෙතට හෙමින් උනපු
තුන් තිස් පෑ නින්ද නැතුව රෑ කලුවර විඳපු
සඳ එළියද නුඹ හෙමිහිට මගෙ අහසට ගලපු

දහසක් නෙතු මඟ හරිමින් හැම කල්හිම හොයපු
ඔය ඇස් දෙක හැමදාමත් මගෙ දුක් ගිනි නිවපු
පෙර දවසක අපි දෙන්නා රහස් කතා කරපු
වැලි පාරේ මඟ තිබුනා කඳුලු මඟෙන් ගලපු

එක දවසක් අපි දෙන්නා එකතු වෙලා හදපු
මාළිගාව හීනයක්ද මුදු වැල්ලෙන් බැඳපු
නටඹුන් මැද තවමත් ඇති සුසුම් හදින් හෙලපු
ගිහින් හොයමු අපි දෙන්නම සටහන් අපි තියපු

No comments:

Post a Comment