Followers

Friday, July 5, 2013

පැරකුම් සමුදුරු බැම්මේ නගර ශෝභනි

පැරකුම් සමුදුරු බැම්මේ නගර ශෝභනි

පෙර බුදු දවස ජනපද කළණියක වැනී
දුදනන් සනසවන මම පාපයක් මෙනී
හිමි නමදින්ට නොගියත් උවැසියක වැනී
ලය තුල දැවෙන ගිනි රන්කොත් වෙහෙර දනී

නගර බැම්ම නිවහන උන දිනේ පටන්
උතුරු සලුව පැරකුම් සයුරේ ගිලුනා
බුදුනි තිලෝගුරු සම්බුදු පියාණනි
දෙසු දහම් මගේ මතකයෙන් මැකුනා

දහස් ගණන් පව් මිනිසුන් මන බැඳුනේ
පියෙක් නොමැති දරුවන් කුසගිනි නිවුනා
හිතක් නොමතිමගෙ සියොලඟ අවුලුවමින්
දෙපා මුලින් නිරයේ ගිනිදැල් මැවුනා

No comments:

Post a Comment