පැරකුම් සමුදුර පිස එන සුළඟ වගේ..
ගත දැවටී උවනෙත සිප ගන්න මගේ...
තරු දහසක් පායන නිල් අහස වගේ..
නුඹ තාමත් තරු පරදන සඳයි මගේ...
පරවීමක් නැති මල් ලොව නැතුව වගේ...
නැතිවීමත් ඇතිවීමද කියා හැඟේ..
හමුවීමත් පෙර පින්කම් නිසයි මගේ..
හිමිවීමත් ආදරයම නොවෙයි වගේ....
සඳ නාවොත් ඉකිලන කුමුදිනිය වගේ...
නුඹ නාවොත් හිත දියවී ගලයි මගේ...
නෙත තාමත් නුඹ ගැන වෙහෙසනුය හැඟේ..
හමදාමත් නුඹ මට මහමෙරක් වගේ...
තරංගනී..
No comments:
Post a Comment