Followers

Friday, July 5, 2013

සඳක් සේ හිඳී ඔබ

ළතෙත් හදවතේ කැටිවුන
සහස් ආදරේ අතරට
සඳක් සේ හිඳී ඔබ සිත් අහසෙ පායලා
අදත් නැගී ආ විලසට
හෙටත් පායලා එනු මැන
නැතත් කම් නැතේ එනමුදු
හිඳිමි මග බලා....

දහස් වාරයක් පතමින්
සහස් කෝටියක් පැතුමන්
ලොවක් තරමටම නුඹ ගැන
සිහින ඇහින්දලා
එහෙත් මා සිතූ තරමට
මහත්මා නොවු ප්‍රේමය
ගඟක් තරම් කඳුලැලි වී
යයි දෙගොඩ තලා

හෙටක් යැයි කියා දවසක්
මටත් තිබුනොතින් දවසක
දුකක් සිත තබාගෙන..
ඔබ සොයා ඉන්ගිලිලා
නිමක් නැති මගේ සෙනෙහස
ටිකක් වත් කියා අහවර
මළත් කමක් නෑ ඉතින් මට
ඔබ ලඟට වෙලා

No comments:

Post a Comment